08-Oct-2026
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ බෞද්ධ සහෝදරත්ව සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සමාජ සත්කාර වැඩසටහන් මාලාවේ තවත් එක් අර්ථවත් වැඩසටහනක් 2026 ඔක්තෝබර් මස 04 වන දින කළුගමුව පිහිඹියහේන වැඩිහිටි නිවාසය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදී.
වැඩිහිටියන් වෙත සෙනෙහස, කරුණාව සහ ගෞරවය ලබාදීමත්, ඔවුන්ගේ දෛනික ජීවිතයà
¶§ සතුටුදායක අත්දැකීමක් එක් කිරීමත් මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.
මෙම වැඩසටහනට සමගාමීව ප්රබුද්ධ කලා කවය සමඟ එක්ව විශේෂ සංගීත වැඩසටහනක් ද සංවිධානය කරන ලදී. සංගීතය රසවිඳිමින් විවේකීව හා සතුටින් කාලය ගත කිරීමට එම අවස්ථාව සහභාගිවූ සියලු දෙනාටම විශේෂ අත්දැකීමක් විය.
මෙවැනි සමාජ සත්කාර වැඩසටහන් හරහා සිසුන්ට අධ්‍යාපනික දැනුමෙන් ඔබ්බට ගොස් නායකත්වය, කණ්ඩායම් ක්‍රියාකාරිත්වය, සන්නිවේදනය, සංවිධාන හැකියාව, සහකම්පනය සහ මානව සබඳතා වැනි වැදගත් මෘදු කුසලතා වර්ධනය කර ගැනීමට අවස්ථාව ලැබේ. එමෙන්ම, සමාජය වෙනුවෙන් තම වගකීම ඉටු කිරීමේ වැදගත්කම පිළිබඳව ප්‍රායෝගික අවබෝධයක් ලබා ගැනීමට ද මෙය සිසුන්ට වටිනා අත්දැකීමක් විය.
On the 4th of October 2026, the Buddhist Brotherhood Society of the Faculty of Agriculture spent a deeply meaningful day at the Kalugamuwa Pihibiyahena Elders’ Home, continuing its cherished annual tradition of community service. The initiative focused on extending love, compassion, and deep