“Scientia” Quiz Competition

Preliminary Rounds, Semi-final Round, and Final Round


තරඟ කොන්දේසි


  1. එක් කණ්ඩායමක සිටිය යුතු සාමාජිකයින් ගණන 04 කි.

  2. එක් තරඟයකදී පාසල් දෙකක් හෝ තුනක් එකට තරඟ කරනු ඇත.

  3. පළාතක පාසල් සංඛ්‍යාව 3 ඉක්මවන විට, පළාත් ජයග්‍රාහකයා තේරීම සඳහා පළමු වටයේ ජයග්‍රණයක් කල කණ්ඩායම් අතර තවත් තරඟ වටයක් පැවැත්වෙනු ඇත.

  4. පැහැදිලිව ශබ්ද නගා පිළිතුරු ලබා දිය යුතුයි.

  5. පිළිතුරු ලබා දීමේදී සම්පූර්ණ පිළිතුර ලබාදීම අනිවාර්ය වේ. අසම්පූර්ණ පිළිතුරු සඳහා ලකුණු හිමි නොවේ.

    උදහරණ :- නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස හැඳින්වෙන මහතාගේ සම්පූර්ණ නම සඳහන් කරන්න.
    C.W.W. කන්නන්ගර මහතා - නිවැරදියි. ලකුණු හිමි වේ.
    කන්නන්ගර මහතා - වැරදියි. ලකුණු හිමි නොවේ.

තරඟ පැවැත්වෙන ආකාරය


  1. මෙම තරඟාවලිය තරඟ වට 3 කින් සමන්විත වේ.

  2. පළමු හා දෙවන වට වලදී තරඟකරුවන්ට තනි තනිව ප්‍රශ්ණ යොමු වන අතර තෙවන වටයේදී කණ්ඩායමක් ලෙස ප්‍රශ්න යොමු වේ.

  3. සියලු කරුණු පිළිබඳ අවසාන තීරණය විනිශ්චය මණ්ඩලය සතුවේ.


පළමු හා දෙවන වට,


  1. කණ්ඩායම් සාකච්චාවකින් තොරව තරඟකරුවන් තනි තනිව පිළිතුරු ලබා දිය යුතු වේ. මෙම තරඟ කොන්දේසිය උල්ලං‍ඝණය වන වන සෑම අවස්තාවකදීම කණ්ඩායමෙන් ලකුණු 10ක් අඩු කරනු ලැබේ.

  2. එක් වටයකදී එක් තරඟ කරුවෙකුට/ කාරියකට එක් ප්‍රශ්ණය බැගින් ඉදිරිපත් වන අතර ඒ සඳහා පිළිතුරු සැපයීමට තත්පර 15 ක කාලයක් ලබා දෙනු ලැබේ. නිවැරදි පිළිතුරක් සඳහා ලකුණු 10 ක් හිමි වේ.

  3. අදාල තරඟකරුවා/කාරියට නියමිත කාලය තුල නිවැරදි පිළිතුර ලබා දීමට නොහැකි වුවහොත් කාලය ඉක්මවූ බව දැනුම් දුන් පසු, එම කණ්ඩායමේම වෙනත් ඕනෑම තරඟකරුවෙකුට /කාරියකට පිළිතුරු ලබා දීමට එක් අවස්තාවක් පමණක් ලබා දෙන අතර ඔහුට/ඇයට තත්පර 05ක කාලයක් ලැබේ. නිවැරදි පිළිතුරක් සඳහා ලකුණු 05ක් හිමි වේ.

  4. මෙම අවස්ථාව ලබාගත හැක්කේ පළමුව ඉදිරිපත් වන තරඟකරු/කාරියටයි.

  5. තරඟකරුවෙකුට/කාරියකට තමාගේ නියමිත කාලය තුළ උත්සාහ දැරිය හැක්කේ එක් අවස්ථාවක් පමණි.

  6. නිවැරදි පිළිතුර නොලැබුණහොත් වෙනත් කණ්ඩායමකට එම ප්‍රශ්නය සඳහා පිළිතුරු දීමේ අවස්තාව ලබානොදෙයි.


තෙවන වටය,


  1. තම කණ්ඩායමේ සාකච්චාවකින් නිවැරදි පිළිතුර ලබා දිය හැකියි.

  2. ඒ සඳහා එක් කණ්ඩායමකට තත්පර 10ක කාලයක් හිමි වේ. නිවැරදි පිළිතුරක් සඳහා ලකුණු 10ක් හිමි වන අතර සෑම වැරදි පිළිතුරක් සඳහාම ලකුණු 05 බැඟින් අඩු කරනු ලැබේ.

  3. අදාල කණ්ඩායමට නිවැරදි පිළිතුර ලබා දීමට නොහැකි වුවහොත් එම ප්‍රශ්ණයට පිළිතුරු ලබාදීමට වෙනත් කණ්ඩායමකට අවස්තාව හිමි නොවේ.

  4. කණ්ඩායම් දෙකක් හෝ වැඩි ගණනක ලකුණු තත්වය සම වුවහොත් එම කණ්ඩායම්වල නායකයාට /නායිකාවට ප්‍රශ්ණය බැඟින් යොමු කෙරේ. එම අවස්ථාවේද ලකුණු සම වුවහොත් උපරිම අවස්ථාවන් 03 දක්වා නායකයන් වෙත ප්‍රශ්ණ යොමු කරනු ලැබේ. මෙහිදී එක් කණ්ඩායමක නායකයා/නායිකාව පිළිතුරු දීමට අපොහොසත් වුවහොත් එම ප්‍රශ්ණයම ප්‍රතිවිරුද්ධ කණ්ඩායමක නායකයාට/නායිකාවට යොමු නොකෙරේ.

  5. එහිදීද ලකුණු සම වුවහොත් කාසියේ වාසිය මඟින් ජයග්‍රහණය තීරණය කරණු ලැබේ.